Home » අමෙරිකාවෙන් පැනමාවට අනතුරු ඇඟවීමක්

අමෙරිකාවෙන් පැනමාවට අනතුරු ඇඟවීමක්

by sachintha
February 6, 2025 1:52 am 0 comment

පැනමා ඇළේ චීන ව්‍යාපාර කටයුතු වහාම නවත්වන ලෙස අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැනමාවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැනමා ඇළේ සිදු වන චීන ව්‍යාපාර අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් එරට රාජ්‍ය ලේකම්වරයා මේ අනතුරු ඇඟවීම සිදු කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එසේ වුවද අමෙරිකාවෙන් සිදුවිය හැකි ආක්‍රමණයකට කිසිදු ආකාරයේ බියක් නොමැති බව පැනමා ජනාධිපති ජොසේ රාවුල් මුලිනෝ ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය යටතේ පැනමාවේ සිය පළමු විදෙස් සංචාරයට එක්වූ රාජ්‍ය ලේකම්වරයා පැනමා ඇළේ ගිවිසුම උල්ලංඝනය වී ඇති බව පැනමා ජනාධීපතිවරයාට ප්‍රකාශ කර ඇතැයි ද, 40%කට ආසන්න අමෙරිකානු භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන පැනමා ඇළේ මෙහෙයුම් සඳහා චීනය සම්බන්ධ වී සිටින බවට චෝදනා එල්ල කර ඇතැයි ද වාර්තා වේ. එබැවින් චීන ක්‍රියාකාරකම් නැවැත්වීමට පියවර නොගන්නේ නම් සිය අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා අමෙරිකාව අවශ්‍ය පියවර ගනු ඇතැයි ද පැනමා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT