Home » බෙල්ජියමේ නව අගමැති පත්වෙයි

බෙල්ජියමේ නව අගමැති පත්වෙයි

by sachintha
February 6, 2025 1:52 am 0 comment

පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාස 7කට පසු බෙල්ජියමේ නව අගමැතිවරයා ලෙස 54 හැවිරිදි බර්ට් ඩි වීවර් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ ජූනි මාසයේ එරට පැවැති මැතිවරණයෙන් පසු පත්වූ සන්ධාන රජයේ නායකත්වය දැරූ බර්ට් ඩි වීවර් අගමැති ධුරයට පත් කිරීම සම්බන්ධව පක්ෂ 5කින් සමන්විත එම සන්ධානයේ අර්බුදයක් උද්ගත වී තිබූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම කාලය අතරතුර සන්ධාන රජයේ ඇලෙක්සැන්ඩර් ඩි කෘ එරට භාරකාර අගමැතිවරයා ලෙස කටයුතු කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බර්ට් ඩි වීවර් අගමැති ධුරයට පත්වීමත් සමඟ රටවල් රැසකින් ඔහුට සුබ පතා ඇති අතර, බෙල්ජියම සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට නව අගමැතිවරයා සමඟ සමීපව කටයුතු කරන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බෙල්ජියමේ නව අගමැතිවරයා යුරෝපා හවුලේ සාමාජිකත්වය දරන බෙල්ජියමේ පළමු දක්ෂිණාංශික නායකයා වන අතර, බෘසල්ස් නුවර පිහිටි රාජකීය මාලිගාවේදී පිලිප් රජු ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු යුරෝපයේ ආරක්ෂාව පිළිබඳ නේටෝ සංවිධානය උදාසීනව කටයුතු කරන බවට විවේචනය කළ බවද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT