Sunday, May 11, 2025
Home » ඩයනා ගමගේට එරෙහි වරෙන්තුව යළි කැඳවයි

ඩයනා ගමගේට එරෙහි වරෙන්තුව යළි කැඳවයි

by chanaka
February 6, 2025 12:09 pm 0 comment

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළ වරෙන්තුව අදම යළි කැඳවීමට නියෝග කළේය.

ඒ වරෙන්තුව නිකුත් කළ ස්වල්ප වෙලාවකින් ඩයනා ගමගේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම වරෙන්තුව නිකුත් කරන්නේ ඩයනා ගමගේට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකළාය.

පසුව මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ ඩයනා ගමගේ ගේ වරෙන්තුව අධිකරණය විසින් යළි කැඳවනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT