Saturday, May 10, 2025
Home » විද්‍යා දැරිය ඝාතනය : මරණ දඩුවම් නියමවී සිටින්නන් ගොනුකළ අභියාචනා ගැන දුන්න තීන්දුව

විද්‍යා දැරිය ඝාතනය : මරණ දඩුවම් නියමවී සිටින්නන් ගොනුකළ අභියාචනා ගැන දුන්න තීන්දුව

by chanaka
February 6, 2025 3:37 pm 0 comment

යාපනය පුන්කුඩුතිව් හී පදිංචිව සිටි පාසල් සිදුවියකු වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම ව සිටින විත්තිකරුවන් හත්දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියම කළේය.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගය අගෝස්තු මස 25 වැනිදා ඇරඹීමට නියම කෙරිණ.

ප්‍රීති පද්මන් සූරසේන , ජනක් ද සිල්වා , සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම අභියාචනා පෙත්සම් කැඳවන ලදි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT