Tuesday, May 6, 2025
Home » බණ්ඩාරවෙල සිට දෙමෝදර අතර නායයෑමේ අවදානම වැළැක්වීමට කඩිනම් ස්ථීර සැලැස්මක්

බණ්ඩාරවෙල සිට දෙමෝදර අතර නායයෑමේ අවදානම වැළැක්වීමට කඩිනම් ස්ථීර සැලැස්මක්

-ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සහාය

by sachintha
February 6, 2025 1:12 am 0 comment

උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝදර අතර මාර්ග කොටසේ නිරන්තරයෙන් ඇතිවන නායයෑමේ අවදානම වැළැක්වීමට කඩිනම් ස්ථීර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත. ව්‍යාපෘතිය වෙනුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 101.3ක මුදලක් වෙන් කර තිබේ. ඒ යටතේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටා ඇති තැපැල්කන්ද නායයෑම වැළැක්වීමට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටා ඇති තැපැල්කන්ද සෑම වර්ෂා කාලයකදීම නායයෑම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බොහෝ අවස්ථාවලදී බණ්ඩාරවෙලට පමණක් සීමා වන අතර එය වැළැක්වීමට මේ පියවර ගෙන තිබේ. මේ ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙල සිට දෙමෝදර දක්වා නිරන්තරයෙන්ම නාය යන ස්ථාන අටක් හඳුනාගෙන එම ස්ථාන අටම නායයාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

නාය අනතුර සහිත කඳුකර ප්‍රදේශය ස්වාභාවික තත්ත්වය ආරක්ෂා කර ගනිමින් කොන්ක්‍රීට් ආවරණයක් හා ජලය බැසයෑමේ තාක්ෂණික ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.

මේ ව්‍යාපෘතියේදි මේ කඳුගැට ආවරණය කරමින් කොන්ක්‍රීට් වැස්මක් යොදන අතර එහි හිඩැස් අතරින් ශාක වවා නැවතත් ස්වාභාවික පරිසරය නිර්මාණයවීමෙන් මෙහි ස්වාභාවික තත්ත්වය නැවත ඇති කරන බවද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසයි.

 

මීගහකිවුල සමූහ – එන්. නවරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT