Home » නීතිපතිගේ තීන්දුව අධ්‍යයනය කරනවා
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම:

නීතිපතිගේ තීන්දුව අධ්‍යයනය කරනවා

-ඇමැති නලින්ද කියයි

by sachintha
February 6, 2025 2:09 am 0 comment

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අදාළ තීන්දුව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරනවා. 2006න් පස්සෙදි දකුණේ පමණක් නොවෙයි, උතුරෙත් විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඝාතන පැහැර ගැනීම් සිදු වුණා.ඒ පිළිබඳව නිසි පරිදි විමර්ශනය කරලා අදාළ චූදිතයන්ට දඩුවම් කිරීම සඳහා අපිට ජනාධිපතිවරණයෙදිත්, මහ මැතිවරණයෙදිත් ජනවරමක් ලබාදී තිබෙනවා. අපේ ආණ්ඩුව ඒ සඳහා දෙන්න පුළුවන් උපරිම සහාය ලබා දෙනවා. අපි ආණ්ඩුවක් විදියට පුළුවන් විමර්ශන හා නඩු කටයුතු වලට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමයි. අධිකරණය මඟින් අවසාන තීන්දුව ලබා දෙන්නේ.ඝාතකයන්ට දඩුවම් පැමිණිය යුතුමයි. නීතිපතිවරයාගේ මේ තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යනය කරමින් ඉන්නවා. ඉදිරියේ දී ප්‍රකාශයක් කරන්න සූදානම්.රටේ ප්‍රජාත්නත්‍රවාදය සහ නීතිය සම්බන්ධයෙන් ජනතාව බලාගෙන ඉන්න කරණයට අදාළ ප්‍රශ්නයක් මේක. මේ ආණ්ඩුව කිසිසේත්ම ජනවරම හෑල්ලු කරන්න සූදානම් නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT