Home » කෝටියකට වැඩි කුෂ් එක්ක ඉන්දියානුවෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

කෝටියකට වැඩි කුෂ් එක්ක ඉන්දියානුවෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

by sachintha
February 6, 2025 1:27 am 0 comment

රුපියල් එක්කෝටි විසිපන්ලක්ෂයක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් ටොෆි සහ චොකලට් පැකට් ලෙස සකස් කර සිය ගමන් මලුවල සූක්ෂ්ම ලෙස සඟවාගෙන කටුනායක ගුවන්තොටුපොළෙන් පිටවයෑමට තැත් කළ විදේශික ගුවන් මගියකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (04) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 45 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙකි. ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර ජංගම දුරකතන අලෙවිසලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි.

මේ ගුවන් මගියා පෙරේදා පස්වරු 05.10ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ. අයි. – 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. ඔහු රැගෙන ආ ගමන් මලුවල වූ ටොෆි සහ චොකලට් අඩංගු පැකට්වල මේ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 40ක ප්‍රමාණය සඟවාගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහුගේ සහෝදරයකු කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටින අතර, මොහු මීට පෙර අවස්ථා කිහිපයකදීම එම සහෝදරයා මුණගැසීමේ මුවාවෙන් මෙරටට පැමිණ ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට සමත් වී තිබේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT