Tuesday, May 13, 2025
Home » ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ පහසුකම් වැඩි කර විශාල විදේශ විනිමයක් ගෙන එනවා

ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ පහසුකම් වැඩි කර විශාල විදේශ විනිමයක් ගෙන එනවා

-ඇමැති, ඉංජිනේරු කුමාර ජයකොඩි

by sachintha
February 6, 2025 1:31 am 0 comment

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ ධාරිතාව සහ පහසුකම් තවදුරටත් වැඩිදියුණු කර විශාල විදෙස් විනිමයක් අඛණ්ඩව රටට ගෙන ඒමට කටයුතු කරන බව බලශක්ති ඇමැති, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඉහත පර්යන්තයේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ගුවන්යානා තෙල් බෙදාහැරීම හරහා රටට ලැබෙන විශාල විනිමය ප්‍රමාණය අහිමි කරමින් ඒ සඳහා තවත් විදේශ සමාගම් දෙකකට ද අවසර දීමට පෙර පැවති රජය සැලසුම් කර තිබුණා. නමුත් මෙරට ජනතාව දුන් ඓතිහාසික ජනතා ජයග්‍රහණයෙන් එම සැලසුම් පරාජය වුණා.

ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යෑමේ රජයේ වැඩපිළිවෙළ නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අඛණ්ඩව ගලා ඒම සහතික වෙනවා.”

මේ චාරිකාවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජී. ඒ. එස්. ද එස්. රාජකරුණා, කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහත්වරුන් ඇතුළු ඉහළ නිලධාරීහු එක්වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT