48
ඉන්දියාවේ බාලදක්ෂ සංගමයෙන් සංවිධාන කළ භාරත 75 වැනි දියමන්ති ජුබිලි බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම පෙරේදා (04) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.
මේ බාලදක්ෂ ජම්බෝරිය ලෝකයේ රටවල් ගණනාවක බාලදක්ෂ, බාලදක්ෂිකාවන් 16,000කගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචිනාපොලි නුවරදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂිකාවන් 23 දෙනෙක් මේ සඳහා සහභාගීවී සිටියහ.
ඔවුන් මෙයට සහභාගී වූ අනෙකුත් සියලුම රටවල් පරදා ක්‍රීඩා, නර්තන, කණ්ඩායම් තරග ඇතුළු එහි පැවති සෑම අංගයකින්ම වැඩිම දස්කම් දැක්වීමට සමත්වී තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල