61
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් KRI DIPONEGORO – 365 නෞකාව කොළඹ වරායට පෙරේදා (04) සේන්දු විය.
මේ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.
මෙලෙස පැමිණි CORVETTE FSGHM වර්ගයට අයත් මේ යුද නෞකාව, දිගින් මීටර් 90.71ක් සහ නැව් කාර්ය මණ්ඩලය 120ක ගෙන් සමන්විතය. නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාන්ඩර් WIRASTYO HAPRABU කටයුතු කරයි.
මේ යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාවේ එහි කාර්ය මණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිතව ඇත.
රක්ෂණ ශ්‍රියන්ත