Home » පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය-වරප්‍රසාද ස්ථාවර නියෝග කඩවෙනවා

පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය-වරප්‍රසාද ස්ථාවර නියෝග කඩවෙනවා

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
February 6, 2025 1:50 am 0 comment

අද වන විට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය, වරප්‍රසාද, ස්ථාවර නියෝග ආදි සියල්ලම උල්ලංඝනය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

වරප්‍රසාද ගැටලුව වෙනුවෙන් කතානායකවරයා, සභානායකවරයා සමඟ මෙන්ම ජනාධිපතිවරයා හමුවී මෙන්ම දුරකතනයෙන් ද සාකච්ඡා කළ බවත් මේ තැනට පත්වූයේ මෙම ගැටලුවට විසඳුමක් නොමැති නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කාරක සභාවලට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ අදහස් දැක්වීම් අතරතුර සිය අදහස් ඉදිරිපත් කරමිනි.

ස්ථාවර නියෝග, සම්ප්‍රදාය, ක්‍රමවේදය ගැන කතානායකවරයාම කතා කළත් අද වන විට සම්ප්‍රදාය විනාශ වී ඇති බවත් සියලුම මන්ත්‍රීවරුන්ට අර්ස්කින් මේ (Erskine May) සහ කවුලන් ෂඩ්ලර් යන නීතිරීති සම්ප්‍රදායන් ඇති පොත් කියවන ලෙස යෝජනා කරන බවත් හෙතෙම පැවසීය. මේ අය මිත්‍රත්ව සංගම්වල ඡන්ද තියන්න පවා හැදු බවත් මේව සම්ප්‍රදාය නොවන බැවින් නම්‍යශීලී වී විපක්ෂයට කමිටුවල නියෝජන සඳහා අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT