Home » අපරාධ පාලනයට ඇල්පිටිය නගරයට සී.සී.ටී.වී. සවි කරයි

අපරාධ පාලනයට ඇල්පිටිය නගරයට සී.සී.ටී.වී. සවි කරයි

by sachintha
February 6, 2025 1:27 am 0 comment

ඇල්පිටිය නගරය හා ඒ අාශ්‍රිතව නිතර නිතර සිදු වන අපරාධ හා පැහැරගෙන යෑම් සිද්ධි වැඩි වීම හේතුවෙන් ඊට එක් විසඳුමක් ලෙස ඇල්පිටිය නගරය ආවරණය වන පරිදි අධිආරක්ෂිත AI පහසුකම් සහිත සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවි කිරීමට පියවර ගෙන තිබේ.

මේ සඳහා ඇල්පිටිය එක්සත් වෙළෙඳ සංගමය මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇති අතර, ඇල්පිටිය පොලිස් අධිකාරී එල්. රන්දෙණිය මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් උපදේශන සභාව මෙම කැමරා සවි කිරීමට පියවර ගෙන ඇත.

මෙම කැමරා පද්ධතියේ සටහන් වන සියලු දත්ත ඇල්පිටිය පොලිස් ස්ථානයේ සවිකර ඇති රූපවාහිනී තිරයක් මත එවලේම සටහන් වන පරිදි සකස් කර තිබේ.

ඇල්පිටිය සමූහ චන්ද්‍රසිරි ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT