Home » රජයේ වෙළෙඳසල් තිබූ කන්ටේනර් පෙට්ටියක් විනාශමුඛයේ
‘සියක් නගර’ සංවර්ධන වැඩසටහන නවතී

රජයේ වෙළෙඳසල් තිබූ කන්ටේනර් පෙට්ටියක් විනාශමුඛයේ

by sachintha
February 6, 2025 1:39 am 0 comment

‘සියක් නගර’ වැඩසටහන යටතේ පාදුක්ක නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව පාදුක්ක නගරයේ ඉදිකර ඇති උද්‍යානයේ වැඩකටයුතු අතරමඟ නවතා දැමීමෙන් එම භූමියේ රජයේ වෙළෙඳසල් කිහිපයක් පවත්වාගෙන ගිය කන්ටේනර් පෙට්ටියක් නිකරුණේ විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

කොරෝනා වසංගත සමය අවසන් වීමෙන් පසු මෙම වෙළෙඳසලට පාරිභෝගික ජනතාවගේ පැමිණීම අඩු වීම හේතුවෙන් ක්‍රමයෙන් එම වෙළඳසල වසා දැමුණි. මෙලෙස කාලයක් ගතවීමෙන් පසු තවත් රාජ්‍ය ආයතනයක් විසින් එම ස්ථානයේ තම නිෂ්පාදන අලෙවි කිරීමේ වෙළෙඳසලක් පවත්වාගෙන ගියද එයද ඉතාමත් කෙටි කාලයකින් වසා දැමුණි. මෙලෙස මහජන මුදල් ලක්ෂ ගණනාවක් වැය කර, ඉතාමත් කඩිමුඩියේ ආරම්භ කළ මෙම සංවර්ධන ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීමත්, රජය සතු සම්පත් නිකරුණේ විනාශ වීමත් සම්බන්ධයෙන් වගකිව යුතු අංශවල අවධානය යොමු විය යුතු බව ජනතාව වැඩිදුරටත් පවසති.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT