සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, හින්දු යන සියලු ජන වර්ගවලට අයත් ජනතාව පදිංචිව සිටින ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 620 ඩී. නිමලගම ග්‍රාමසේවා වසමට අයත් ජනඋදානගම ගම්මානය විසින් ජාතික සංහිඳියාව රටට කියාපාන අපූරු වැඩසටහනක් පසුගියදා සංවිධානය කරනු ලැබ තිබුණි.
ඒ් අනුව බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ලෙසින් සියලු ආගම්වල නියෝජිතයන්ගේ එකතුවෙන් සහ සමස්ත ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් ආශිර්වාද ආගමික වැඩසටහනක් සමඟ හොරණ කනන්විල කන්දෙවිහාරවාසී කාව්‍ය ශ්‍රී හබුරුගල අතුලසිරි හිමියන්ගේ කාව්‍යමය ධර්ම දේශනයක් පවත්වා තිබේ. යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ට සහ අනෙකුත් පුරවැසියන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, රටවැසියන්ට, ප්‍රදේශවාසීන්ට ආශිර්වාද පැතීමත් මෙහිදී සිදු කෙරිණ. ඉංගිරිය, ජනඋදානගම, ජන එකමුතු අවමංගල්‍යාධාර හා සුබසාධන සමිතියේ 18 වැනි සංවත්සරයට සමගාමීව ජනඋදානගම ඉසුරුපුර ප්‍රජාශාලා පරිශ්‍රයේදී මෙය පැවැත්විණ.
ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල