86
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය මහතා පත් කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන තිබේ.
ඒ මහතා ගාල්ල දකුණු නාවික විධාන මූලස්ථානයේදී එම නාවික විධානයේ ආඥාපති වශයෙන් පෙරේදා (3) වැඩ බාර ගත්තේය. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය මහතා වෙත දක්ෂිණ නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් කටයුතු කළ කොමදෝරු නදිත් වල්පොල ආඥාපති ධුරයට අදාළ රාජකාරි නව ආඥාපති වෙත භාර දීමද මෙදින සිදු විය.
බළපිටිය විශේෂ – ජයකාන්ත ලියනගේ