Home » ජල නළ නඩත්තුවකින් වතුර නැති වුණු මත්තේගොඩ මහල් නිවාසවාසීන්ට පොලීසියෙන් වතුර

ජල නළ නඩත්තුවකින් වතුර නැති වුණු මත්තේගොඩ මහල් නිවාසවාසීන්ට පොලීසියෙන් වතුර

by sachintha
February 6, 2025 1:43 am 0 comment

නඩත්තු කටයුත්තක් බව පවසා පානීය ජල සැපයුමට බාධා එල්ල වීමෙන් ඉකුත් නිදහස් දිනය දා මත්තේගොඩ ප්‍රදේශයේ දසදහසකට ආසන්න ජනතාවකට පානීය ජලය නොමැති වූ අතර, එහිදී මත්තේගොඩ පොලීසියේ මැදිහත්වීමෙන් ලබා දුන් ජල බවුසර් හරහා පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසීහු පවසති.

කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයේ ජලය සැපයෙන ප්‍රධාන නළයක හදිසියේ ඇති වූ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඉකුත් 3 දා සවස 6.00 සිට 4 දා මධ්‍යම රාත්‍රිය දක්වා මෙසේ ජල සැපයුමට බාධා එල්ල වී තිබුණි. මේ අතර, නිදහස් දිනය දා මත්තේගොඩ මහල් නිවාස සංකීර්ණයේ වාසය කරන ජනතාව ඇතුළු ප්‍රදේශයේ දසදහසකට ආසන්න ජනතාවකට පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකිව අසරණව සිටි අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාට ජනතාව පැමිණිලි කර තිබුණි. පසුව ස්ථානාධිපතිවරයා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා හා ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක මහත්මියත්, ජල සම්පාදන මණ්ඩලයට අයත් පැලැන්වත්ත මධ්‍යස්ථානයත් දැනුම්වත් කිරීමෙන් පසුව ඔවුන්ගේ සහාය ඇතිව ජල බවුසර් හයක ආධාරයෙන් එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දීම සිදු කර ඇත.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT