කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට අයත් ආයතනයන්හි, සේවක සේවිකාවන් ඇගැයීම වෙනුවෙන්, බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැත්වූ, සුවසේවාභිමානී – 2024 උළෙලේදී, හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරන, සෞඛ්‍ය කාර්යය සහායක, එන්. වරුණ ප්‍රසන්න පෙරේරා මහතාට, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි විය.
ඒ මහතාට හිමි සම්මානය, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා විසින් පිරිනැමුණි. කෝට්ටේ, මාදිවෙල, රාහුල්පුර, පදිංචි එන්. වරුණ ප්‍රසන්න පෙරේරා මහතා, 2014.01.01 දින හෝමාගම මූලික රෝහලට පළමු පත්වීම ලබා, මේ වන විට වසර 11ක පමණ කාලයක් එහි සේවය කරන අතර, ඉන් වසර 8ක් හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරයි. මීට අමතරව ඒ මහතා විසින් කෝට්ටේ සී.එම්.එස්.ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ විධායක කමිටු සාමාජිකයකු වශයෙන් පාසලට සුවිශේෂී මෙහෙයක් ඉටු කරනු ලබයි.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ