මේ වසරේ මැද භාගයේ ආරම්භ වීමට නියමිත අන්තර් පාසල් පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේදී වෙස්ලි විදුහල් රග්බි කණ්ඩායමේ නායකත්වයට සඳුල් ගම්මන්පිල නම් කර තිබේ. අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරන සඳුල් ගම්මන්පිල සිවුවැනි වසරේ ක්‍රීඩකයෙකි. මීට වසර 27කට පෙර එම විදුහලේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අසංක ගම්මන්පිලගේ පුත්‍රයකු වන සඳුල් එම විදුහල් පිලේ නායකත්වයට පත්වීමත් සමඟ වෙස්ලි විදුහලේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වය දැරූ පළමු පිය-පුතු යුගලය ලෙස ඉතිහාසයට එක් විය.
වසර 1998 දී වෙස්ලි විදුහල් පළමු පෙළ රග්බි පිලේ නායකත්වය දැරූ අසංක ගම්මන්පිල ද අංක 8 ස්ථානයේ ක්‍රීඩකයකු විය. ගම්මන්පිල පවුලේ වැඩිමල් පුත්‍රයා වන අකිඳ ගම්මන්පිල ද වෙස්ලි විදුහල් පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් පෑවේය.
ෆවුස් මොහොමඩ්