76
හැත්තෑහත් වැනි නිදහස් දිනය සමරමින් ගොතටුව බ්ලැක්පැන්තර්ස් ක්‍රීඩා සමාජය හා රාජගිරිය සුපර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයේ පිරිනැමුණු නිදහස් සමරු කුසලානය ගොතටුව බ්ලැක්පැන්තර්ස් පිල දිනා ගත්තේය. කණ්ඩායම් දෙක අතර ඕවර දහයේ තරග 3ක් පැවති අතර, එහිදී 2-1ක් ලෙස ගොතටුව කණ්ඩායම ජය වාර්තා කළේය. ගොතටුව මහා විදුහල් ක්‍රීඩාංගණයේ පෙරේදා (4) පැවති මේ තරගයේදී දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බ්ලැක්පැන්තර්ස් ක්‍රීඩා සමාජයේ ශෂික ලවන් ජයවර්ධන විසින් හිමිකරගත් අතර, දක්ෂතම පන්දු යවන්නා චානක රුක්මාල් පෙරේරා (බ්ලැක්පැන්තර්ස්) හා දක්ෂතම පිතිකරු මලිත් රත්නායක (සුපර් යුනයිටඩ්) සම්මාන දිනා ගත්හ.