Home » ට්‍රම්ප්ගේ VRS යෝජනාවට රාජ්‍ය සේවකයෝ 40,000ක් එක් වෙති

ට්‍රම්ප්ගේ VRS යෝජනාවට රාජ්‍ය සේවකයෝ 40,000ක් එක් වෙති

by mahesh
February 7, 2025 1:00 am 0 comment

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිධුරයේ දිවුරුම් දීමෙන් පසු ඉදිරිපත් කළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට එකඟවන රජයේ සේවකයන්ට මාස අටක වැටුප් සහිත විශේෂ යෝජනා ක්‍රමයට අමෙරිකානුවන් 40,000ක් කැමැත්ත පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලබන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා වැටුප් ලබා ඉල්ලා අස්විම සඳහා වන අවසන් දිනය වූ ඊයේ ධවල මන්දිරය මේ නිවේදනය නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. රජයේ සේවකයන් 10%ක් ඉවත් කිරීමේ තීරණයකට අනුව ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරනු ලැබූ එම යෝජනා ක්‍රමයෙන් අමෙරිකානු රජයේ සේවකයන් ලක්ෂ දෙකක් පමණ ඉල්ලා අස්වනු ඇතැයි මිට පෙර ධවල මන්දිරය අපේක්ෂා කර තිබූ බව ද වාර්තා වේ. කෙසේ වුවද ඊයේ අවසන් වූ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ යෝජනා ක්‍රමයට අයැදුම්පත් යොමු කර ඇත්තේ එරට මිලියන 2.3ක රජයේ සේවකයන්ගෙන් 2%ක් පමණක් බව වාර්තා වේ. අවසන් පැය කිහිපය තුළ එම සංඛ්‍යාව වැඩිවනු ඇතැයි ද ධවල මන්දිරය අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT