Home » ලක්ෂ 45ක ජලනළ හා නාන කාමර උපාංග විනාශ කරයි
හොර වෙළෙඳ නාමයකින් ගෙනා

ලක්ෂ 45ක ජලනළ හා නාන කාමර උපාංග විනාශ කරයි

by mahesh
February 7, 2025 1:00 am 0 comment

දෙව්නි මහගමගේ

මෙරට වෙළෙඳසල්වලට තොග වශයෙන් බෙදාහැරීමට සූදානම් කර තිබූ ලක්ෂ 45කට ආසන්න වටිනාකමකින් යුත් ව්‍යාජ වෙළෙඳ නාමයකින් හා සලකුණක් සහිත ජලනළ හා නාන කාමර උපාංග තොගයක් ඊයේ (06) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ රාජසන්තක කර විනාශ කර ඇත.

පෞද්ගලික ආයතනයක් චීනයෙන් මෙරටට ආනයනය කරන ලද භාණ්ඩ තොගයක් සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය විසින් කර තිබූ නියෝගයකට අනුව මේ භාණ්ඩ මෙලෙස විනාශ කරනු ලැබුවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කර තිබූ පැමිණිල්ලකට අනුව ආයතනයට 25000ක්‌ බැගින් ලක්ෂ එකහමාරක දඩ මුදලක් නියම කිරීමට ද අධිකරණය නියෝග කර තිබුණි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සාන්ත ජෝසප් වීදිය කොළඹ 14 ප්‍රදේශයේ කළ වැටලීමකදී මේ ආයතනයේ තිබියදී නාන කාමර උපාංග තොගයක් හමු වූ බවත් ඒවා පරීක්ෂා කර බැලීමේදී චීනයෙන් ආනයනය කරන ලද ව්‍යාජ තොරතුරු ඇතුළත් භාණ්ඩ තොගයක් බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT