Home » කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යයට ශිවගංගී නැව් සේවාවෙන් බැතිමතුන්

කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යයට ශිවගංගී නැව් සේවාවෙන් බැතිමතුන්

ප්‍රවාහනයට රටවල් දෙකම එකඟතාවක

by mahesh
February 7, 2025 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මාර්තු 14 හා 15 දිනවලදී පැවැත්වීමට නියමිත වාර්ෂික මංගල්‍යයට ශිවගංගී නැව් සේවාව මඟින් ඉන්දියාවේ සිට බැතිමතුන් ප්‍රවාහනය කිරීමට රටවල් දෙකේම කිතුනු නායකයෝ තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් යාපනය රදගුරු නිවස්නය හා රාමේස්වරන් කතෝලික සභාව ශිවගංගී නැව් සමාගම සමඟ මේ වන විට අදහස් හුවමාරු කරගෙන තිබේ. මේ කාරණය සම්බන්ධයෙන් එම සමාගම කැමැත්ත පළ කර ඇති නිසා රටවල් දෙකේ ආරක්ෂක අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කර ඊට විශේෂ අවසරයක් ලබා ගැනීමටද නියමිතය. දැනට ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා යාත්‍රා කෙරෙන ශිවගංගී නැව් සේවාව ඔස්සේ ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරාය වෙත බැතිමතුන් ප්‍රවාහනය කර එතැන් සිට බෝට්ටු මඟින් බැතිමතුන් ප්‍රවාහනය කිරීමටද සැලසුම් කරගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT