අලුත්ගම පොලිස් වසමට අයත් මුල්ලපිටිය ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානය හා බේරුවල ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිටින් ඇති දුම්රිය හරස් මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් පෙරේදා (5) පස්වරුවේ රුහුණු කුමාරි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් ත්‍රිරෝද රථය පැද වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා ප්‍රධාන මාර්ගය අයිනේ වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් ත්‍රිරෝද රථයකින් බේරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කළුතර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (5) රාත්‍රියේ මියගොස් ඇතැයි අලුත්ගම පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ දර්ගා නගරය, මීගම ප්‍රදේශයේ පදිංචිව සිටි වීරවර්ධන තරිඳු චාමර ද සිල්වා (30) නමැති විවාහක දරුවන් දෙදෙනකුගේ පියකු බව ඒ සම්බන්ධ විමර්ශන සිදු කරන අලුත්ගම පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපති ජයන්ත ගුණවර්ධන මහතා පැවසීය. කලක සිට එම දුම්රිය හරස් මාර්ගය පිහිටි ස්ථානයේ දුම්රිය සංඥා (නාදය) ක්‍රියාත්මක නැතිව ආලෝකය පමණක් දැල්වෙන බව ප්‍රදේශවාසීහු කියති.
දුම්රියේ ගැටුණු ත්‍රිරෝද රථය අලුත්ගම දෙසට කෙටි දුරක් ඇදී ගොස් රියැදුරු සමඟ අසල කන්ද විහාරය දෙසට යන මාර්ගයට පෙරළීම හේතුවෙන් මාර්ගයේ වාහන තදබදයක්ද ඇතිව තිබේ. මෙලෙස මියගොස් ඇති පුද්ගලයාගේ බාල නැඟණියගේ මල්වර මංගල්‍යය අද දිනයට යෙදී තිබී ඇති අතර, කිසියම් අවශ්‍යතාවකට අනතුර සිදුවූ ප්‍රදේශයේ ඥාති නිෙවසකට පැමිණ ආපසු නිෙවසට යමින් සිටියදී මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.
මියගිය පුද්ගලයාගේ මව හා පියා පියා ද වසර කීපයකට පෙර රිය අනතුරකින් දර්ගා නගරයේ නාකන්දලගොඩ ප්‍රදේශයේදී මියගොස් තිබේ. මවුපියන් මිය යෑමත් සමඟ බාල සොහොයුරියන් දෙදෙනාගේ රැකවරණය ද සලසා ඇත්තේ මියගිය මේ පුද්ගලයා බව දැනගන්නට තිබේ. අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේස් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත රථවාහන අංශ ස්ථානාධිපති ජයන්ත ගුණවර්ධන, පොලිස් සැරයන්වරුන් වන අත්තනායක, රසාංග මහත්වරු වැඩිදුර පරීක්ෂණ සිදු කරති. පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතය.