Home » කෝටි දෙකක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් දැලේ

කෝටි දෙකක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් දැලේ

by mahesh
February 7, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න කේරළ ගංජා කිලෝ 100යි ග්‍රෑම් 270ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (05) අත්අඩංගුවට ගෙන ඇත. ගුරුනගර් කලපුවේ පිහිටි මන්ඩිත්තලේ දූපතේ කළ වැටලීමකදී මේ සැකකරුවන් දෙදෙනා සමඟ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ පදිංචි අවුරුදු 24 හා 27 වයස්වල පසුවන ධීවරයන් දෙදෙනෙකි. විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා යාපනය පොලිස් ස්ථානයට භාර දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT