සණස ව්‍යාපාරය 25 වැනි වරටත් සංවිධානය කළ නෙළුම් මල් හා කිරි ආහාර පූජාව අනුරාධපුර පූජා භූමියේදී සාර්ථකව පවත්වන ලදි. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර කෑගල්ල මහා සංගමය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය. ඉකුත් 4 වැනිදා අලුයම අනුරාධපුර සමාධි පිළිමය පාමුල ආධ්‍යාත්මික වැඩසටහනින් ඇරැඹුණු මෙය එදින දහවල් අභයගිරි දානමය පිංකමත්, සවස ජය ශ්‍රී මහා බෝධී පරිශ්‍රයේ නෙළුම් මල් පූජාවත්, 5 වැනිදා අලුයම රුවන්වැලිසෑ පරිශ්‍රයේ කිරි ආහාර පූජාවත් පවත්වා අවසන් කරන ලදි. සාම්ප්‍රදායික වත්පිළිවෙත්වලට මුල් තැන දෙමින් පැවැත්වූ මෙම පුණ්‍යකර්මයට ඉතිහාසයේ ප්‍රථම වතාවට සමාධි පිළිමය පාමුල ආධ්‍යාත්මික වැඩසටහනක් සංවිධානය කර තිබීම විශේෂත්වයක් වූ අතර එය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ මූලිකත්වයෙන් පැවැත් වූ මෙම පුණ්‍යකර්මයට දිවයින පුරා සණස සමිතිවල බැතිමත්හු දහස් ගණනක් සහභාගි වූහ. ආමිස හා ප්‍රතිපත්ති පූජා ඉතා පවිත්‍රව පවත්වමින් සිදු කළ මෙම පූජෝත්සවයට රන්සිළුගෙය සමඟ විවිධ නර්තන අංගවලින් සපිරි පෙරහරක්ද එක් කර තිබිණි. “මෙම පූජෝත්සවය 2000 වසරේ ජනවාරි මස කෑගල්ල දිස්ත්‍රික්කයේ සණස සමිති 50ක 60ක පමණ එකතුවෙන් ආරම්භ කළේය.
130