Sunday, May 11, 2025
Home » Fadna නිෂ්පාදනවලට වැඩි පාරිභෝගික විශ්වාසයක්

Fadna නිෂ්පාදනවලට වැඩි පාරිභෝගික විශ්වාසයක්

කැලණිය විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් අනාවරණය වෙයි

by mahesh
February 7, 2025 1:00 am 0 comment

දශක දෙකක කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ Fadna, තම දැක්මට අනුව පාරිභෝගිකයන් ප්‍රීතිමත් හා නිරෝගී ජන සමාජයක මූලාරම්භකයන් බවට පත් කරමින්, කොළඹ විශ්වවිද්‍යාලය සමග එක්වී හඳුන්වා දුන් ඔර්තෝ ශිල්ඩ්, වර්නොලැක් හා සැටිණි යන නිෂ්පාදන ත්‍රිත්වයම, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රවී දිසානායක ඇතුළු කණ්ඩායම කළ සමීක්ෂණයකදී 90%කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනා ඇතැයි අනාවරණය වී ඇත.

මෙම නිෂ්පාදන සියල්ලම ස්වාභාවික නිෂ්පාදන වන අතර කොළඹ විශ්වවිද්‍යාලය සමඟ එකතු වී 2022 වසරේදී වෙ‌ළෙඳපොළට හඳුන්වා දී ඇත.

එම නිෂ්පාදන අතර සන්ධි වේදනාවට ස්වාභාවික විසඳුමක් ලෙස හඳුන්වා දුන් ඔර්තෝ ශිල්ඩ් නිෂ්පාදනය 90.3%ක, පිළිකා පියවි සෛල මර්දනය කිරීම සඳහා හඳුන්වා දුන් වර්නොලැක් නිෂ්පාදනය 94%ක සහ හිස කෙස් වැටීම නතර කර හිස කෙස් වර්ධනයට සහාය දෙන සැටිණි නිෂ්පාදනය 90%ක පාරිභෝගික තෘප්තිමත්භාවයක් දිනා ඇතැයි තහවුරු විය. මෙහිදී ශ්‍රී ලාංකේය පාරම්පරික හා ආයුර්වේද දැනුම භාවිත කර, දේශීය විශ්වවිද්‍යාල සමඟ එක් වී විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ක්‍රියාකාරීත්වය විද්‍යාත්මකව තහවුරු කර, භාවිතයට පහසු ආකාරයෙන් නිෂ්පාදන පෙළක් දේශීය වෙළෙඳපොළට නිකුත් කර ඇති Fadna, ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඔස්සේ බිහි වන සාර්ථක පර්යේෂණවල ප්‍රතිපල සමාජගත කරමින්, පාරිභෝගිකයන්ට ක්‍රියාකාරී, ගුණාත්මක බවින් සපිරි නිෂ්පාදන හඳුන්වා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT