Monday, May 5, 2025
Home » ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමට පළමු පියවර

ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමට පළමු පියවර

ඩිජිටල් මහජන යටිතල පහසුකම් (DPI) සමුළු‍ෙවන්

by mahesh
February 7, 2025 1:00 am 0 comment

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ තවත් ප්‍රධාන හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟ එක්ව ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) 2025 සමුළුව ආරම්භ කරන ලදි. 2025 පෙබරවාරි 5 සිට 6 දක්වා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව, රටේ ඩිජිටල් ආර්ථිකය ගොඩනැඟීමට උපකාරකයක් ලෙස ආරක්ෂාව සහ ඇතුළත්භාවය සහතික කරන විශ්වීය ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) හි තීරණාත්මක කාර්යභාරය අවධාරණය කරයි.

විනිවිදභාවය, ආරක්‍ෂාව සහ ඇතුළත්භාවය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින්, 2025 සමුළුව, විවිධ අංශවල ගෝලීය නායකයන්, විශේෂඥයන්, නවෝත්පාදකයන් සහ පාර්ශ්වකරුවන් එක්කරමින්, DPI ආශ්‍රිතව පවතින අභියෝග සහ අවස්ථා පිළිබඳ මෙන්ම ආර්ථික වර්ධනය සහ තිරසර සංවර්ධන ඉලක්කවල ප්‍රගතිය වේගවත් කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සංවාදයක් ගොඩනැඟීමට උත්සාහ කරයි. මෑතකදී සම්මත කරන ලද ලෝක ඩිජිටල් සංයුක්තය (Global Digital Compact) නිසා, මෙම සමුළුව කාලෝචිත වන අතර, එය පවතින රටවල අන්තර්ගතභාවය ඇති ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය සඳහා DPI හි හැකියාව ඉස්මතු කරයි.

මෙහි ආරම්භක සැසියට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා; ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ඩිජිටල් අංශ කාර්යාලයේ අධ්‍යක්ෂ ඇන්ටෝනියෝ සබල්ලොස් මහතා; එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය ; ආධාර් (Aadhaar) හි නිර්මාතෘ තාක්ෂණ අධ්‍යක්ෂ ශ්‍රිකාන්ත නධමුනි මහතා; එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ඩිජිටල් සහ කෘතිම බුද්ධි වැඩසටහන් ප්‍රධානී කෙයිසොම් න්ගොඩප් මාසලි මහත්මිය මෙන්ම, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අනෙකුත් ඉහළ මට්ටමේ නියෝජිතයෝ සහභාගි වූහ.

අමාත්‍යාංශයේ නායකත්වය අවධාරණය කරමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න මහතා අදහස් පළකරමින් පවසා සිටියේ, “රජයට ඩිජිටල් පරිවර්තනය ප්‍රවණතාවක් පමණක් නොවන බව සඳහන් කළ යුතුය. – එය අපගේ ආර්ථිකය නව තලයකට ගෙන යා හැකි මූලික පෙරළියක් නියෝජනය කරයි. ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) යනු හුදු වචනයක් පමණක් නොවේ – අපි එහි වටිනාකම හඳුනාගෙන ඇත. එය අප ආරම්භ කරන ඕනෑම ඩිජිටල් පරිවර්තන ප්‍රයත්නයක් සඳහා අඩිතාලමක් ලෙස කටයුතු කරනු ඇත. ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වන අපගේ දැක්ම අනුව 2030 වනවිට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 15 දක්වා ළඟා වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.”

ඡායාරූපය-සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT