Tuesday, May 6, 2025
Home » පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනයට රජය සැරසේ

පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනයට රජය සැරසේ

by mahesh
February 7, 2025 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය ඉදිරියේදී සිදු කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසුවාය.

ඒ සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කරන බවත් අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා වූ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශයේ ස්ථාපිත කමිටුවෙන් ඉල්ලා ඇති බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනයක් රට තුළ සිදු නොවන බවට සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

කාලයක් තිස්සේ ප්‍රතිපත්තියක් හෝ නියාමන ක්‍රියාවලියක් නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාල කියන නමින් සහ උපාධි ප්‍රදානය කරන ආයතන ලෙස විවිධ ආයතන රැසක් බිහිව ඇති බවත් මේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීමක් සිදු කරන බවත් අගමැතිවරිය ප්‍රකාශ කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT