‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් නොවන, දුෂිත වෙලා තියෙන මානව සමාජයත් පිරිසිදු කිරීමේ වැඩසටහනක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පැවසුවාය.
එමඟින් මහජනතාවගේ සාරධර්ම සහ ගුණ යහපත්කම් වර්ධනය කර ගත හැකි බවද රත්න ශ්‍රී සමඟ සේකර ආයෙමත් කියවමු යන මැයෙන් සබරගමු පළාත් මධ්‍ය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති සාහිත්‍ය වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
එහිදී ආණ්ඩුකාරවරිය මෙසේ ද පැවසුවාය. සාහිත්‍යය අධ්‍යයනය කරන්න ඕනෑ. එතකොට අපේ මානසික සංවර්ධනය ඇති වෙනවා. ඒ මඟින් මේ සමාජය ඉතාමත් යහපත් වෙනවා. ඒ නිසා මා සාහිත්‍ය වැඩසටහන් සඳහා විශාල සහායක් දෙනවා. විශේෂයෙන් අපි කුඩා දරුවන් සාහිත්‍ය කලාව දෙසට යොමු කරන්න ඕනෑ.
ජාතික ජන බලවේගය ආණ්ඩුව සිදු කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනත් ඒ වගේ තමයි. මේ දූෂිත මානව සමාජය පිරිසිදු කරන වැඩසටහනක්. මානව සමාජයේ නැති වෙලා ගිහින් තියෙන සාරධර්ම ගුණයහපත්කම් අපි නැවත මතු කර ගන්න ඕනෑ. එම ගුණයහපත්කම් ළග කරන්න නම් අපි සාහිත්‍ය කලාව ඇසුරු කරන්න ඕනෑ. ඒ නිසා ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පරිසරය විතරක් පිරිසිදු කරන වැඩක් නොවෙයි. දූෂිත වූ මානව සමාජයත් පිරිසිදු කරන වැඩක්. අන්න ඒ නිසයි අපි සාහිත්‍ය කලා වැඩසටහන් පවත්වන්න ඕනෑ. ඒ සඳහා පූර්ණ සහාය ආණ්ඩුකාරවරිය වශයෙන් ලබා දෙනවා.
ඒ සඳහා ප්‍රධාන දේශක ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සම්මානිත සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.