Home » චණ්ඩි පාට් එපා නියෝජ්‍ය කතානායකගෙන් සමාව ගන්න

චණ්ඩි පාට් එපා නියෝජ්‍ය කතානායකගෙන් සමාව ගන්න

සභානායක බිමල් රත්නායක

by mahesh
February 7, 2025 1:00 am 0 comment

මූලාසනයට අපහාසයක් නම් ප්‍රකාශය අස්කර ගන්නම්
– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

නියෝජ්‍ය කතානායකවරයා අපහසුවට පත්වන අයුරින් විපක්ෂනායකවරයා ප්‍රකාශයක් කළ බවත් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට හෝ සමාව ගැනීමට වහාම කටයුතු කරන ලෙසත් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව තුළ චණ්ඩිපාට් අනුමත නොකරන අතර පාර්ලිමේන්තුවට චණ්ඩි ගොඩක් පැමිණ ඇතැයිද සභානායකවරයා පැවසීය.

සභානායක , අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 287/2 යටතේ ප්‍රකාශයක් සිදු කිරීමට පෙර මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් අතරතුර මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායකවරයාට “මැදට පනින්න එපා“ යැයි ප්‍රකාශ කිරීමත් සමඟ නැගී සිටිමිනි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙස සභා නායකවරයා දිගින් දිගටම ප්‍රකාශ කිරීමත් සමඟ විපක්ෂනායකවරයා සඳහන් කළේ “මම මැදට පනින්න එපා කියලා කියපු ප්‍රකාශය තුළින් අදහස් කලේ බාධා කරන්න එපා කියන එක බව සඳහන් කළේය. කෙසේ වුවද එය මූලාසනයට අපහාසයක් නම් එය ඉල්ලා අස්කර ගන්නට තමන් සූදානම් බවද විපක්ෂනායකවරයා පැවසීය. තමන් සතුව පුද්ගල අහංකාරකමක් හෝ මට මහන්තත්ව කමක් නොමැති බවද විපක්සනායකවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT