රටට අහිමිව තිබෙන මෙරටට අනන්‍ය වූ නිෂ්පාදනයන් නැවත රටට ලබාගෙන රටේ අනන්‍යතාව ආරක්ෂා වන ආකාරයට ලෝකයේ ප්‍රචලිත කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.
බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
මෙරට නිෂ්පාදනයන් වන තේ, රබර්වලට ලෝකය තුළ විශාල කීර්ති නාමයක් තිබුණා. අතීතයේ අපට තිබූ ගෞරවය, ආවේණික සන්නාම ටික නැවත රටට ලබා ගත යුතු බව ආණ්ඩුවට කියනවා. ඒ සඳහා අවශ්‍ය සහාය අපි ලබාදෙනවා. රබර්වලින් ජාත්‍යන්තර ජයගැනීමට අපිට පුළුවන්. පොල් ගත් විට හැම නිෂ්පාදනයකටම ඒවා සම්බන්ධයි. දීපව්‍යාප්තව පොල් වගා කිරීමට අපි පියවර ගත යුතුයි. බුද්ධිමය දේපළ ඇතැම් පුද්ගලයන්ගේ විනාශ කර තිබෙනවා.