අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයේදී ප්‍රමාණවත් පරිදි වෙන් කිරීමක් සිදු කරන බව පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය. මෙම ගැටුම අවම කිරීමට අවශ්‍ය විසඳුම් ලබාදීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ඉදිරි කාලයේදී ලබාදීමට පියවර ගන්නා බවත් නව පර්යේෂණයන් මඟින් මෙම ගැටලුවට විසඳුම් සෙවීම සිදු කරන බවත් ඇමැතිවරයා කීය.
අලි මිනිස් ගැටුම හේතුවෙන් 2015 සිට 2024 දක්වා අලි මරණ 3,477 ක් ද මිනිස් මරණ 1190 ක්ද සිදුව ඇතැයි ඇමැතිවරයා මෙහිදී කීවේය.
2015 සිට 2019 දක්වා වර්ෂ තුළදී අලි මරණ 1466ක් ද, මිනිස් මරණ 456ක් ද, 2020 සිට 2024 දක්වා වර්ෂවලදී අලි මරණ 2011ක් ද, මිනිස් මරණ 734ක් ද සිදුව ඇතැයි ද ඒ අනුව අලි මිනිස් මරණ වාර්ෂිකව ඉහළ ගොස් ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.