කොටවෙහෙර පොලිස් වසමේ, පලුගොල්ල යාය දහය ප්‍රදේශයේ පිහිටි දේවාලයේ කපු මහතා දේවාලය තුළදීම මියගොස් සිටියදී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කොටවෙහෙර යාය දහය, පලුගොල්ල ලිපිනයේ පදිංචි 74 හැවිරිදි ඩබ්ලිව්.එම්. කපුරු බංඩා නැමති සිවුදරු පියෙකු බවද පොලීසිය සඳහන් කරයි.
කපු මහතාගේ නිෙවසට යාබදව දේවාලය පිහිටා ඇති අතර, මෙදින කපු මහතා සවස් කාලයේ සිටම දේවාලයේ රැඳී සිට ඇති අතර, රාත්‍රී 8.00ට පමණ රාත්‍රී ආහාර ගැනීම සඳහා කපු මහතාට කතා කිරීම සඳහා ලේලිය දේවාලයට පැමිණි අවස්ථාවේ කපු මහතා දේවාලය තුළ වැටී සිටින අයුරු දැක ඇති බවද, පොලීසිය සඳහන් කරයි.
පසුව කොටවෙහෙර කොට්ඨාස භාර හදිසි මරණ පරීක්ෂක උදය අබේසිංහ නිකවැව මහතා ස්ථානීය පරීක්ෂාවක් සිදු කරමින් කපු මහතාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නිකවැරටිය මූලික රෝහලට රැගෙන යන ලෙස පොලීසියට නියෝග කර ඇත.
ඒ අනුව කපු මහතාගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය මූලික රෝහලේදී, කොට්ඨාස භාර හදිසි මරණ පරීක්ෂක උදය අබේසිංහ නිකවැව මහතා ඉදිරියේ සිදු කිරීමට නියමිතව තිබිණි.
කපු මහතා විසින් තම නිෙවසට යාබදව ඉදිකර ගෙන ඇති දේවාලයේ සතියේ සෙනසුරාදා සහ බදාදා යන කෙම්මුර දිනවල දේවාලයට පිහිට පතා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පිරිස්වලට ශාස්ත්‍ර කීම සහ විවිධ ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ලබාදීම සිදු කර ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොටවෙහෙර පොලීසිය පරීක්ෂණ සිදු කරයි.