Home » ඇල්ලෙන් නැතිවූ ප්‍රංශ කතකගේ ගමන් මල්ල කිතුල්කොටෙන් හමුවේ

ඇල්ලෙන් නැතිවූ ප්‍රංශ කතකගේ ගමන් මල්ල කිතුල්කොටෙන් හමුවේ

by mahesh
February 7, 2025 1:00 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක සූරියවැව විශේෂ - නුවන් ජයසේකර

තණමල්විල පොලීසියට පෙරේදා (05) දුරකතන ඇමතුමකින් ලද තොරතුරක් මත තණමල්විල-වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ වෙල්යාය අසල මාර්ගය අයිනේ තිබී ගමන්මල්ලක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

එම ගමන්මල්ල පරීක්ෂා කිරීමේදී එය ප්‍රංශ ජාතික කාන්තාවක් වන (Grollcau Agatha Clemntine) නමැත්තියගේ බවට හඳුනාගෙන තිබේ.

පොලීසිය ඒ පිළිබඳව ඇයට දැනුම් දීමෙන් අනතුරුව ඇය ස්වාමිපුරුෂයා සමඟ පොලීසියට පැමිණ ඇත. එම ගමන්මල්ල ඔවුන්ට අයත් බවත්, ඇල්ල ප්‍රදේශයේ සිට උඩවලව දක්වා පොදු ප්‍රවාහන සේවයට අයත් බස්රථයකින් ඔවුන් ගමන් කරමින් සිටියදී ගමන්මල්ල අස්ථානගත වූ බවත් පවසා තිබේ.

පොලීසිය මඟින් අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසුව ඔවුන්ට ගමන්මල්ල භාරදී ඇති අතර එහි තිබූ සියලු භාණ්ඩ ගමන්මල්ල තුළ තිබූ බව පිළිගෙන ගමන් මල්ල භාරගෙන ඇත.

තණමල්විල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT