Home » දින 8කදී ගම්පොළ බඹර දෂ්ටනයෙන් අටක් මැරිලා

දින 8කදී ගම්පොළ බඹර දෂ්ටනයෙන් අටක් මැරිලා

සියයකට තුවාල

by mahesh
February 7, 2025 1:00 am 0 comment

ගම්පොළ සමූහ - සුරංග දිල්හාන්

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් දින අටක් තුළ ගම්පොළ පොලිස් කොට්ඨාස බලප්‍රදේශයේ තුන්වන මරණයද සිදුව ඇති බව පොලීසිය පවසයි.

ගම්පොළ පුපුරැස්ස ස්ටොලන්බග් උඩ කොටසේදී පෙරේදා (05) බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ මොට්ටයන් රාමසාමී නමැති අසූ තුන් හැවිරිදි අයෙකි.

පසුගිය 31 වැනි දින පුස්සැල්ලාව ප්‍රදේශයේදී සිදු වූ බඹර ප්‍රහාරයකින් අට හැවිරිදි පාසල් දරුවකු මිය ගිය අතර, අට දෙනකු රෝහල්ගත කරනු ලැබීය. එසේම 2 වැනි දින දී පුස්සැල්ලාව කළුගල දී සිදුවූ බඹර ප්‍රහාරයෙන් තවත් පනස් දෙහැවිරිදි අයකු මිය ගියේය. පසුගිය සිකුරාදා සිදුවූ බඹර ප්‍රහාරයකින් ගම්පොළ උලපනේ මහා විද්‍යාලයේ සිසුන් සමඟ මවුපියන් හැටදෙනකු උලපනේ හා නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබීය.

පුපුරැස්ස ප්‍රදේශයේදී මිය ගිය අය සිය සහෝදරයාගේ එළවළු වගාවට ගිය අවස්ථාවේ මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඔහු එම ස්ථානයේම මියගොස් තිබේ. මොහු පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ගම්පොළ රෝහලට රැගෙනවිත් ඇති අතර, පෙරේදා (05) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව දින කිහිපයක් තුළදී සිදුවූ බඹර ප්‍රහාර නිසා මෙසේ තිදෙනකු මිය ගොස් සියයකට ආසන්න පිරිසක් එයට ගොදුරුව තිබේ. මෙම දිනවල කඳුකර ප්‍රදේශවල වතු ආශ්‍රිතව ඇති ගස්වල විශාල ලෙස බඹර වද බැඳ ඇති බව දක්නට තිබෙන අතර, වතු ජනතාවට, ගම්වාසීන්ට හා පාසල් දරුවන්ට මේ සමඟ දිගින් දිගටම බඹර ප්‍රහාරයන්ට ලක්වීමට සිදුව තිබේ. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT