Home » ජපන් ජබර-රොන් මඩ පිරී තල්ගස්වැව මහවැව අනතුරේ

ජපන් ජබර-රොන් මඩ පිරී තල්ගස්වැව මහවැව අනතුරේ

by mahesh
February 7, 2025 1:00 am 0 comment

තඹුත්තේගම විශේෂ - ඩබ්ලිව්. ප්‍රදීප්

මහවැලි එච් කලාපයේ නොච්චියාගම, තල්ගස්වැව, මහවැව ජපන් ජබර, රොන් මඩ පිරී ගොඩවීමේ අවදානමක් මතුව ඇති බව ගැමියෝ පවසති.

වැව යටතේ කුඹුරු අක්කර 250ක් පමණ යල, මහ දෙකන්නයේ වගා කරන බව ඔවුහු පවසති. වැවේ වැව් බැම්ම ද වළගොඩැලි මතුවී දැඩි ලෙස අබලන්ව ඇත. මෙම වැව් බැම්ම මතින් වැටී ඇති මාර්ගය ඔස්සේ තල්ගස්වැව, කටුමුරුගම, වල්පොළගම ආදී ගම්මාන වෙත ගමන් කරන බවත් එම මාර්ගය විල්පත්තු වනාන්තරය දක්වා දිවෙන බවත් ඔවුහු පවසති. වැව් බැම්මේ ඇති වළගොඩැලි හේතුවෙන් දැඩි දුෂ්කරතා විඳීමට සිදුව ඇති බව පවසන ගැමියෝ වැවෙහි ඇති ජපන් ජබර ඉවත් කොට, වැව් බැම්ම පිළිසකර කොටදෙන ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.

වල්පොළගම ගම්වැසියකු වන ඩබ්ලිව්. සෝමසිරි මහතා මෙසේ පැවසීය. “මේක හරි ලස්සන වැවක්. මේ පැත්තටම මේ වැව සම්පතක්. මේක ලොකු වැවක් හින්දා හොඳට මාළු පැටව් බෝකරන්න පුළුවන්. ඒකෙන් ධීවර රස්සාව කරන කිහිපදෙනෙකුට හරි ජීවත් වෙන්න අවස්ථාව හැදෙනවා. දැන් ඒ කිසිදෙයක් කෙරෙන්නේ නෑ. වැව පුරාම ජපන් ජබර පිරිලා තියෙන්නේ. මෙහෙම තිබ්බොත් මුළු වැවම ජපන් ජබරවලින් පිරෙයි.”

වල්පොළගම ගම්වාසී එන්. අනුලා කුමාරිහාමි මහත්මිය මෙසේ පැවසුවාය.

“වැව් බැම්මේ වළගොඩැලි හින්දා පයින්වත් යන්ඩ අමාරුයි. මිනිස්සු හරියට කරදර වෙනවා වැව් බැම්ම උඩින් යනකොට. ගම්මාන ගණනකට යන්න තියෙන්නේ ඔය පාර. පස් ටිකක්වත් දාලා වළවල් ටික වහලා දෙනවා නම් ඒක මිනිස්සුන්ට ලොකු සහනයක්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT