107
හැටන් නගරයේ ස්ථාන දෙක තුනක පවතින මර උගුල් හේතුවෙන් එම ස්ථානවලින් ගමන් ගන්නා මඟීන් විවිධ අනතුරුවලට ලක්වීමේ අවදානමක් හට ගෙන ඇත.
මෙම මර උගුල් පවතින ස්ථානවලට ඇද වැටිමෙන් මේ වන විට හැටන් පොලීසියේ නිලධාරියකු ඇතුළු කිහිපදෙනකුම තුවාල ලබා ඇති අතර මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන එම පිරිස ඇතුළු කිහිපදෙනකුම පවසනුයේ මෙම මර උගුල් හේතුවෙන් තමන් දැඩි අවදානම් තත්ත්වයන්ට පත්ව ඇති බවත්ය.
මෙම ස්ථානවල පවතින මර උගුල් හේතුවෙන් තවත් පිරිසක් විවිධ අනතුරුවලට ලක්වීමට පෙර මෙම මර උගුල් වසා දැමීමට අදාළ නිලධාරින් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩිදුරටත් පවසති.