මාතලේ නගර මධ්‍යයේ කඩා වැටීමේ අවදානම් තත්ත්වයක පවතින විශාල ගසක් ඉවත් කිරීමට කටයුතු නොකිරීමෙන් මහජනතාවගේ ජීවිත අවදානමක් පවතින බව නගරවාසීහු පවසති.
මාතලේ ධර්මපාල මාවතේ බ්‍රාහ්මණ ඇළ අසල විශාල අතු රැසක් දිරා ගොස් ඇති මාර ගහ මරු කපොල්ලක් බව මහජනතාව පෙන්වා දෙති.
මෙම අවදානම් මාර ගස අසලින් මාතලේ මහ නගර සභාවට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අධිකරණය හා ක්‍රිස්තුදේව විද්‍යාලයට ශ්‍රී සංඝමිත්තා විද්‍යාලයට දෛනිකව විශාල පාසල් සිසුහු පිරිසක් හා මහජනතාව ගමන් කරනු ලබති. යම් හෙයකින් ගස කඩා වැටුණහොත් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වීමේ අවදානම් තත්ත්වයක් පවතින බව නගරවාසීහු පවසති.
මෙම ගස ඉවත් කර මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ජනතාව පවසති.