Home » රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය 10 දා ඇරඹේ

රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය 10 දා ඇරඹේ

by mahesh
February 7, 2025 1:00 am 0 comment

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධාන කරන රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා ආරම්භ වෙයි. ‍ඒ සිට එච් දක්වා කාණ්ඩ 8ක් යටතේ රජයෙ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 80ක් පමණ මේ තරගාවලියට එක්වන අතර, තරග කාලසටහන එළිදැක්වීම පසුගියදා නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී මෙවර තරගාවලියට එක්වන සියලු කණ්ඩායම් සඳහා සුදු පැහැති පන්දු ලබාදීම සිදු කළ අතර, 2022 රාජ්‍ය සේවා ලීග් තරගාවලියේදී ඒ, බී, සී, ඩී හා නැඟී එන කාණ්ඩවල සහ 2023 ප්‍රවීණයන්ගේ තරගාවලියේ ජය සංකේත පිරිනැමීමද සිදු කෙරිණි.

මෙහිදී පසුගිය වසරේ ප්‍රවීණයන්ගේ තරගාවලියේදී තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගිවූ තරගයකදී අසනීපවී මියගිය ක්‍රීඩකයා වෙනුවෙන් රු. 50000ක මුදලක් පිරිනැමීම ද සිදු විය.


ඡායාරූප – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT