ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටෙස්ට් බිමෙන් සමුගන්නා දිමුත් කරුණාරත්නට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති චාම් උත්සවයකදී ඊයේ උපහාර ගෞරව පුද කළේය. ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ආරම්භවීමට පෙර මිනිත්තු 15කට පමණ සීමාවූ විශේෂ උත්සවයකදී මේ උපහාර පිරිනැමීම සිදුවුණි.
දිමුත්ගේ පියා ලාල් කරුණාරත්න මහතා හා මව පී.එම්. චන්ද්‍රිකා මහත්මිය සහභාගිවූ මේ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් විශේෂ සමරු ඵලකයක් සහ දියමන්තියෙන් නිමවූ මිලියන ගණනක් වටිනා අත් ඔරලෝසුවක් ප්‍රදානය කළ අතර, ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ඔහුගේ 100 වැනි ටෙස්ට් තරගයේ විශේෂ තොප්පිය පැලඳුවේය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් මෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායම නායක ස්ටීව් ස්මිත් හා ක්‍රීඩකයන්, ශ්‍රී ලංකා වයිට්-බෝල් නායක චරිත් අසලංක මේ අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ මඟ පෙන්වීම යටතේ උත්සවය සංවිධාන කරන ලදි.