Home » ‘ක්‍රිෂ්’ ගිනිගන්න හේතුව අනාවරණය වෙයි

‘ක්‍රිෂ්’ ගිනිගන්න හේතුව අනාවරණය වෙයි

by chanaka
February 8, 2025 2:58 pm 0 comment

කොළඹ පිහිටි ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම මෙම ගිනිගැනීමට ප්‍රධාන හේතුව බවයි.

ඒ අනුව නැවත එලෙස ගෑස් කටර් උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙස අදාළ අංශවලට ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක්ද කැඳවා තිබේ.

‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ 35වන මහල පෙරේදා (06) ගිනිගත් අතර, පසුව ඊයේ (07) 24වන මහලේ ද ගින්නක් ඇතිවිය.

ඒ හේතුවෙන් ගින්න නිවීම සදහා ගිනිනිවන රථ 3 බැගින් රථ 6ක් අවස්ථා දෙකේදීම යොදාගැනීමට ගිනිනිවන දෙපාර්තමේන්තුවට සිදුවිය.

මේ අතර ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ ආරක්ෂාව මේ වනවිට තරකර ඇති අතර, ඒ සඳහා පොලිස් නිලධාරීන් 20කගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT