Home » දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂයට

දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂයට

by chanaka
February 8, 2025 10:28 pm 0 comment

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණය වසර 27කට පසුව ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ‍මෙවර හැකියාව ලැබී ඇත.

භාරතීය ජනතා පක්ෂයට සමස්ත ආසන 70න් ආසන 47ක් හිමිව ඇති අතර, වසර 10ක් පුරා එම ප්‍රාන්තයේ පාලනය හිමිව තිබූ ආම් ආද්මි පක්ෂයට හිමිව ඇත්තේ ආසන 23ක් පමණක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ආසන 35ට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගන්නා පක්ෂයට එම ප්‍රාන්තයේ බලය හිමිවනු ඇති අතර, ඉන්දීය අගනුවරද ඇතුළත් දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජයගැනීම භාරතීය ජනතා පක්ෂයේ විශාල ජයග්‍රාහණයක් බවද විදෙස් මාධ්‍ය විචාරකයන් පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT