Home » ඩුබායි සිට රැගෙන ආ රතු වරෙන්තුකරුවන් පොලිස් ස්ථාන 03කට

ඩුබායි සිට රැගෙන ආ රතු වරෙන්තුකරුවන් පොලිස් ස්ථාන 03කට

by chanaka
February 8, 2025 11:37 am 0 comment

ඩුබායි සිට දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ බෙලිඅත්ත, අකුරැස්ස පොලිස්ථාන වෙත භාරදී තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමේ සිද්ධීන් 4 ක් සහ පුද්ගලයෙකුට පහරදී නිවසකට අලාභහානි කිරීමේ සිද්ධියකට සැකකරුවෙකු වූ කදන්ගම දෙණියේ ගෙදර ප්‍රදීප් සදරුවන් නොහොත් කොලොන්නාවේ චන්දන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බවයි.

රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා නැමැත්තා අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනයට අදාළ සැකකරුවෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලීසියට භාරදී ඇත.

නාඩ කන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලි නැමැත්තා ද ඊයේ ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබීය.

ඔහුට එරෙහිව අපරාධ චෝදනා රැසක් පවතින අතර, ඔහු මාවරල ප්‍රදේශයේදි සිදු කළ ඝාතනයකට හා අකුරැස්ස ප්‍රදේශයේ සිදු කළ ඝාතනයක සැකකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම ඌරුබොක්ක ප්‍රදේශයේදී දැරියක අපහරණය කිරීමේ සිද්ධියකද මොහු සැකකරුවෙකි.

මේ අතර මෙසේ රතු නිවේදන නිකුත් කර ඇති තවත් අපරාධකරුවන් 65 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පොලීසිය තවදුරටත් ක්‍රියාකරමින් සිටින බවද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT