මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකඩ පොලිස් ස්ථානය නිලධාරීන් විසින් ඊයේ (08) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේදීය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 22, 24 හා 30 යන වයස්වල පසුවන ආගරපතන, නමුණුකුල හා පන්නිලතැන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
පසුගිය ජනවාරි 06 වනදා අනන්‍යතාවයක් තහවුරු කර ගැනීමට නොහැකි පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ වැටී සිටියදී එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබුණි.
එම පුද්ගලයාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පෙරේදා (07) කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කර තිබුණි.
එහිදී අනාවරණය වී ඇත්තේ මරණකරුගේ හිසෙහි අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවත් ශරීරයේ තැලීම් තුවාල ඇති බවටත් වාර්තාවක් ලබා දී ඇති බව පොලීසිය පැවසීය.
ඒ අනුව මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී ඇත.
ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදුකර අදාළ සිදුවීම සිදුවූ වෙළෙඳසැලේ සේවය කළ පුද්ගලයින් තිදෙනෙකු මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.