Home » රට යන්න සිටි තරුණයෙක්ව පැහැරගෙන බැංකු ගිණුමේ ලක්ෂ 84 කොල්ල කාලා – 6ක් අත්අඩංගුවට

රට යන්න සිටි තරුණයෙක්ව පැහැරගෙන බැංකු ගිණුමේ ලක්ෂ 84 කොල්ල කාලා – 6ක් අත්අඩංගුවට

by chanaka
February 9, 2025 1:39 pm 0 comment

යුරෝපීය රටක රැකියාවකට යාමේ සූදානමින් සිටි පේදුරුතුඩුවේ තරුණයෙකුට වීසා බලපත්‍ර සදහා අත්සන් කිරීමට කොළඹට යාමට ඇතැයි සදහන් කරමින් යාපනය අරියකුලම් හන්දියට ගෙන්වාගෙන මෝටර් රථයකින් ඔහුව පැහැරගෙන ගොස් බැංකු ගිණුමේ තිබුණු රුපියල් ලක්ෂ 84කට අධික මුදලක් අන්තර්ජාල බැංකු යෙදවුමක් ඔස්සේ ජංගම දුරකථනයකින් වෙනත් ගිණුමකට මාරුකරමින් සිදුකල මංකොල්ලයකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු 06 දෙනෙක් යාපනය පොලිසිය අද (09) අත්අඩංගුවට ගත්තේය.

පේදුරුතුඩුව තුම්පොල පාරේ පදිංචිකරුවෙක් වන 21 හැවිරිදි මෙම තරුණයාව පැහැරගෙන ගොස් මුදල් කොල්ලකා ඇත්තේ ඔහුට වීසා ලබාදීමට පොරොන්දු වූ පිරිසක් විසින්ම බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ පෙරේදා (07) රාත්‍රී කාලයේදීය. කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ තරුණයාව පැහැරගත් මෝටර් රථයේ තිබුණු ජී.පී.එස්. උපකරණය හේතුවෙන් බව පොලිසිය සඳහන් කළේය. මෝටර් රථයේ අංකය ආරක්ෂක කැමරාවක් මගින් හදුනාගෙන ලියාපදිංචි හිමිකරු සොයාගත් බව පොලිසිය පවසයි. එම ලියාපදිංචි හිමිකරු පවසා ඇත්තේ සිය මෝටර් රථය කුළියට ලබාදී ඇති බවය.

එම මෝටර් රථයේ ජී.පී.එස්. සවිකර ඇතැයි සඳහන්කර ඇත්තේ එම වාහනයේ හිමිකරුය. ඒ ඔස්සේ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී තවත් මෙවැනි කොල්ලකෑම් රැසක තොරතුරුද අනාවරණය වී තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT