නව ගුවන් හමුදාධිපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා තම ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මහනුවර දළදා මාලිගාව වෙත පැමිණ ශ‍්‍රි දළදා වහන්සේ වැද පුදාගනිමින් ආශිර්වාද ලබා ගැනීම ඊයේ (08) සිදු විය.
නව ගුවන් හමුදාධිපති තුමන් ප‍්‍රථමයෙන් ශ‍්‍රි දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැදපුදා ගනිමින් අශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මල්වතු මහාවිහාරයට පැමිණ ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු මහවිහාර පාර්ෂවයේ මහනායක තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක මාහිමිපානන් බැහැදැක අශිර්වාද ලබා ගැනීම සිදු කරන ලදී.
ඉන් අනතුරුව නව ගුවන් හමුදාධිපති තුමන් අස්ගිරි මහා විහාරයට පැමිණ ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක වරකාගොඩ ධමිමසිද්ධි ශ‍්‍රි පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනායක මා හිමිපානන් බැහැදැක අශිර්වාද ලබාගත්තේය.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය ඇතලූ ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි විය.