Home » කුරුණෑගල මාර්ගයේ මාරක බස් අනතුරක් – 4 ක් මරුට

කුරුණෑගල මාර්ගයේ මාරක බස් අනතුරක් – 4 ක් මරුට

by yasara
February 10, 2025 8:29 am 0 comment

දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් තවාල ලැබූ පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත යොමු කිරීමේදී පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක් මියගොස් ඇත.

නවතා තිබූ බස් රථයට පිටුපසින් පැමිණි බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇත.

මරණකරුවන්ගේ සහ මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මෘත දේහ කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දොරටියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT