Home » ජනපති ‘ලෝක රාජ්‍ය සමුළුවට’ සහභාගී වීමට දිවයිනෙන් පිටව යයි

ජනපති ‘ලෝක රාජ්‍ය සමුළුවට’ සහභාගී වීමට දිවයිනෙන් පිටව යයි

by chanaka
February 10, 2025 10:35 am 0 comment

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ‘2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට’ සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(10) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් සමග තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ද එක් වී සිටියි.

ඔවුන් අද (10) උදෑසන 10.10 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව අද සිට 13වැනිදා දක්වා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය.

දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ගිවිසුම් ගණනාවක් වෙත එළඹීමට ද ජනාධිපතිවරයාගේ මෙම චාරිකාවේ දී නියමිත බව වාර්තාවේ.

 

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT