Home » හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

by yasara
February 10, 2025 1:26 pm 0 comment

නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙයි.

ඒ එම නඩුව අද (10) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදීයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මලි විසින් වරෙන්තුවක් නිකුත් කළාය.

පසුව මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයේ පෙනී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන් වෙනුවෙන් නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන ලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලා සිටි බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ වරෙන්තු ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT