Home » සබරගමුව මහා සමන් දේවාලයේ නිලවරණයට අතුරු තහනම් නියෝගයක්

සබරගමුව මහා සමන් දේවාලයේ නිලවරණයට අතුරු තහනම් නියෝගයක්

by yasara
February 10, 2025 2:31 pm 0 comment

සබරගමුව මහා සමන් දේවාලයේ හෙටට (11) නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙයි.

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්. වී. චන්ද්‍රසිංහ විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 20වනදා තෙක් බල පැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වෙයි.

අදාළ නිලවරණය පැවැත්වෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT